පිත්තාශයෙහි ගල්

පිත්තාශයෙහි ගල් ඇතිවීමට හේතු ලෙස පිත නිශ්පාදනයේදී ඇති වන රසායනික අසමතුලිතතා නිගමනය කරනු ලබයි. පිත යනු ජීරණයට දායක වීම සදහා අක්මාව මගින් නිපදවනු ලබන දියරයකි . මෙම රසායනික අසමතුලිතතාව ඇති වීමට හේතු අපහැදිලි වුවද, මෙම ගල් ඇතිවිය හැක්කේ අසාමා න්‍ය ඉහළ මට්ටමක:

  • කොලෙස්ටරෝල් පිත්තාශයෙහි පැවතීමෙනි.(සෑම පිත්තාශ ගල් 5න් 4ක්ම වාගේ කොලෙස්ටරෝල් වලින් සෑදී ඇත)
  • බිලිරුබින් ලෙස හදුන්වන අපද්‍රව්‍යයක් පිත්තාශයෙහි ඇත.(සෑම පිත්තාශ ගල් 5න් 1ක්ම වාගේ බිලිරුබින් වලින් සෑදී ඇත)

මෙම රසායනික අසමතුලිතතා නිසා පිතෙහි කුඩා ස්ඵටික වර්ධනය වේ. මේවා ක්‍රමයෙන් වර්ධනය වී(බොහෝවිට වසර ගනනාවක් තිස්සේ) වැලි කැටයක් තරම් කුඩා හෝ පබළුවක් වැනි විශාල ඝන ගල් බවට පත්වේ. සමහර අවස්ථාවලදී එක් ගලක් පමණක් සෑදෙන අතර, බොහෝ අවස්ථාවලදී එකවර ගල් කිහිපයක් සෑදේ.

අවදානමේ සිටින්නේ කවුද

පිත්තාශයෙහි ගල් බොහෝවිට ඇතිවන්නේ ඔබ:

  • කාන්තාවක් නම්, විශේෂයෙන්ම ඔබට දරුවන් සිටීනම, උපත් පාලන පෙති භාවිතා කරන්නේ නම් හෝ ඉහල මාත්‍රා ඊස්ට්‍රජ්න් ප්‍රතිකාර ලබා ගන්නේනම්‍ ය
  • අධික බර හෝ තරබාරු නම්
  • වයස 40 හෝ ඊට වැඩි නම් (ඔබ වයසට යත්ම පිත්තාශයෙහි ගල් ඇතිවන අවදානම වැඩි වේ.)
  • පිතෙහි ගලා යාමට බලපාන සාධක පවතී.(සිරෝසිස් -cirrhosis), ප්‍රයිමරි ස්ක්ලෙරොසින් කොලන්ජයිටිස් (primary sclerosing cholangitis) හෝ ඔබ්ස්ට්‍රැටික් කොලෙස්ටටික් (obstetric cholestasis)
  • "Crohn's" රෝගය හෝ බඩවැල්වල උද්දීපක තත්ත්වය පවතිනේනම්
  • පිත්තාශයෙහි ගල් ඇති ලගම පවුලේ සාමාජිකයකු සිටීනම්
  • මෑතකදී බර අඩු වූවානම්(කෑම පාලනයෙන් හෝ සිරුරේ බර අඩු කරන සැත්කමකින්)
  • සෙෆ්ට්‍රිඇක්සොන් (Ceftriaxone) ලෙස හදුන්වන ප්‍රතිජීවක භාවිතා කරන්නේ නම්